@

...

Tuesday, September 23, 2014

Add caption
නිල් වරල ගැලවිලා දිගු නහය දිය වෙලා
නෙත් කැළුම් බොඳ වෙලා මදහසද වියැකිලා
පෙම් හැඟුම් පහවෙලා හිස් කබල බොල් වෙලා
ඇටසැකිල්ලක් වෙලා මහ පොළොවෙ සැඟවිලා

රන් මුදුව දැමු සුරතෙ - ඇඟිලි කරු ගැලවිලා
වසා සිටි ලැම හසුන් - මස් සමග දිය වෙලා
මදහසින් පෑ වදන් - මුව තුලම ගොළු වෙලා
නිරතුරුව සිනාසේ - ඇට සැකිල්ලක් වෙලා

වටොරවූ පුළුලුකුලේ - බොහෝ තැන් පස් වෙලා
පුළුල් වූ උකුල් ඇට - උඩට ඇත ඉස්සිලා
පපු පෙදෙස බඩ පෙදෙස - ගඳ ගසයි දිය වෙලා

රුවට සිටි සොඳුරු ළඳ - ඇටසැකිල්ලක් වෙලා


උපුටා ගැනීම -The Buddhist