@

...

Tuesday, March 11, 2014




 මෙන්න නියම ප්‍රශ්න 10 ක් 


1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???

2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???

6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

 7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ???

8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

 10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???
එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.

තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණිකලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

"මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ...ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
"කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."



https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&uact=8&ved=0CCcQFjAA&url=http%3A%2F%2Fwww.sinhalalanka.com%2F&ei=17geU9P1CsqhkwXx3oDgDg&usg=AFQjCNF31ALEB8ILYfrJthmnqTWVJ0g8SA&sig2=JCYEYH3gLXc8-Gl392DMKA&bvm=bv.62788935,d.dGI